Wednesday, May 18, 2011

Forex වෙලදාම

හැමවිටම forex වෙලදාම සිදුවන්නෙ මුදල් ඒකක දෙකක යුගල ලෙසයි
example - eur/usd
usd/jpy
gbp/usd

forex market තුලදී ඔබ නිරතුරුව currency යුගල් විකිනිම හෝ මිලදි ගැනීම සිදුකරයි 

ඒ කිව්වෙ මොකක්ද ??
අපි හිතමු ඔයා eur/usd මිලදී ගන්නව කියලා ඒ කියන්නෙ ඔය හිතනව මේ යුගලෙ මිල වැඩිවේ කියල එතකොට ඔය buy කරනවා අඩුවෙයි කියල හිතනවනම් sell කරනව 
මේ ජෝඩු කතාව හරියටම තේරුනේ නැද්ද එහෙනම් ඊලග පොස්ට් එකට මේ යුගල් කතාව හොදටම තෝරල කියන්නම්


මම මුලදිම කියල තියෙනවනෙ forexකියන්නෙ විදේශ මුදල් හුවමාරුව කියල ඉතින් මේකෙදි වෙන්නෙ එක මුදල් ඒකකයකින් තව මුදලක් මිලදී ගැනීමයි .ඉතින් eur/usd
කියපුවම වෙන්නෙ usd ගෙවල eurමිලදී ගන්න එකයි.
එතකොට eur/usd එකේ වටිනාකම කියන්නෙ eur එකකට ගෙවිය යුතු usd ප්‍රමාණයයි 
ඉතින් හැමවෙලේම මෙහෙම ජෝඩු වලදි කියන්නෙ දකුණු පැත්තෙ මුදල් වර්ගයකින් වම් පැත්තෙ මුදල් වල එක ඒකකයක් ගන්න ගෙවන්න ඕන මුදලයි
එතකොත eur/usd වැඩිවෙනව කියන්නෙ එක eur එකක් ගන්න ගෙවන්න ඕන usd ගාන වැඩීවෙනව කියන එකයි ඒ කියන්නෙ eur එකත් එක්ක බලනකොට usd එකෙ වටිනාකම පහල යනව කියන එකයි.

No comments:

Post a Comment